යල කන්නය සඳහා අවශ්‍ය පොහොර ගොවින්ට කඩිනමින් සපයන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරින්ට නියෝග කළා.
ඉදිරි දින කිහිපය තුළ පොහොර තොග දිවයිනට ළඟා වීමටයි නියමිතව තිබෙන්නේ. ඒ අනුව ප‍්‍රමාදයකින් තොරව පොහොර බෙදා හැරිමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගැනිමයි මූලික අවශ්‍යතාව. බෙදා හැරිමට පෙර සිදු කෙරෙන ප‍්‍රමිති පරික්ෂණ වාර්තා දින දහයක් ඇතුලත ලබා ගන්නා ලෙසටත් ජනාධිපතිතුමා නිලධාරින්ට දැනුම් දුන්නා. ඒ පොහොර ගෙන්විම සහ බෙදා හැරිම පිළිබදව පැවති සමාලෝචන රැස්විමේදි.
වැඩි අස්වැන්නක් බලාපොරොත්තුවෙන් ගොවින් අධික ලෙස පොහොර භාවිතයට යොමුව තිබෙනවා. රසායනික පොහොර හේතුවෙන් මතුවන ගැටලු පිළිබදව ගොවිජනතාව දැනුවත් කිරිමේ අවශ්‍යතාව ද එහිදි සාකච්ඡා වුණා.
වෙළදපල අවශ්‍යතාව හා නිරෝගී අනාගක පරපුරක් වෙනුවෙන් කාබනික පොහොර නිෂ්පාදනය වැඩි කළ යුතු බවයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දුන්නේ. වී ගොවිතැන ප‍්‍රමුඛ වාර්ෂිකව වගා කරන භෝග සහ ඒවායේ ප‍්‍රමාණය නිශ්චිතව හදුනාගෙන අවශ්‍ය පරිදි පොහොර ආනයනයට පියවර ගන්නා ලෙසත් ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නා.
The post ප‍්‍රමාදයකින් තොරව ගොවින්ට පොහොර සපයන්නැයි ජනපතිගෙන් නියෝග appeared first on ITN News.

Post a Comment