චීනයේ වූහාන් නගරයේ සියලු ගමනාගමන කටයුතු මේ වන විට ආරම්භ වී තිබෙනවා.
කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග මාස 2 කට ආසන්න කාලයක් නගරය වසා දැමීමට චීන බලධාරීන් කටයුතු කළා. මේ වන විට වූහාන් නගරයේ සබ්වේ සහ දුම්රිය ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
වසා දැමුණු සබ්වේ මාර්ග 6ම විවෘත කර තිබෙනවා. පසුගිය දෙසැම්බර් මාසයේ වූහාන් නගරයෙන් ආරම්භ වූ කොවිඩ් නයින්ටීන් වෛරසය මේ වන විට ලොව පුරා රටවල් 201 පැතිර තිබෙනවා.
The post වූහාන් නගරයේ සියලු ගමනාගමන කටයුතු ඇරඹෙයි appeared first on ITN News.
Post a Comment