Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනා මර්දනයට ගූගල් සමාගමෙන් ඩොලර් මිලියන 800ක්  

Add comments

කොරෝනා මර්දනය වෙනුවෙන් ඇමරිකා ඩොලර් මිලියන 800 ක මූල්‍ය ප‍්‍රදානයක් කිරිමට සුප‍්‍රකට ගූගල් සමාගම තීරණය කර තිබෙනවා.

ඉන් ඩොලර් මිලියන 250 ක් වෙන් කර ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයටයි. අනෙක් මුදල් ප‍්‍රතිපාදන අඩාල වූ ව්‍යාපාර වෙනුවෙන් යෙදවීමටයි ගූගල් සමාගම තීරණය කර තිබෙන්නේ. මේවන විට කොරෝනා වයිරසය රටවල් 199 ක පැතිරි ගොස් තිබෙනවා. ලොව පුරා සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව පන් ලක්ෂ අනූ හතර දහස් තුන්සිය හතලිස් හතරක්.

විසි හත් දහස් දෙසිය පනස් එක් දෙනෙකු කොරෝනා වයිරසයෙන් ලොව පුරා මියගොස් ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. සුවය ලැබූ සංඛ්‍යාව එක්ලක්ෂ තිස් දෙදහස් හයසිය විසි දෙකක්. ගත් වූ පැය විසි හතරේ 919 ක් වැඩිම කොරෝනා මරණ වාර්තා වූයේ ඉතාලියෙන්. ස්පාඤ්ඤයේ ගතවූ පැය විසි හතරේ මියගිය සංඛ්‍යාව 773ක්.

ඉන්දියාවෙන්ද ගත වූ පැය විසි හතරේදිී නව කොරෝනා ආසාදිතයන් 110 දෙනෙකු හමුවී තිබෙනවා. එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 834ක්. ඉන්දියාවෙන් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 19ක්.

 

The post කොරෝනා මර්දනයට ගූගල් සමාගමෙන් ඩොලර් මිලියන 800ක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG