Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

COVID-19 වෛරසය ආසාදනයෙන් මිය ගිය සංඛ්‍යාව 3053ක් දක්වා ඉහළට  

Add comments

කොරෝනා හෙවත් COVID-19 වෛරසය ආසාදනයෙන් මිය ගිය සංඛ්‍යාව 3053 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආසාදිතයින් සංඛ්‍යාව 90,000 කට ආසන්නයි. 45,000කට  අධික පිරිසක් සුවය ලබා සිටිනවා.

COVID-19 වෛරස් ආසාදිතයින් වාර්තා වූ රටවල් සංඛ්‍යාව මේ වන විට 67 ක් පමණ වනවා. කටාර් රාජ්‍ය, අයර්ලන්තය, ආර්මේනියාව, ලක්සන්බර්ග්, ඉක්වදෝරය සහ අසර්බයිජානය එම රටවල්. ආසාදිතයන් වැඩිම සංඛ්‍යාවක් සිටින චීනයෙන් වාර්තාවූ නවතම මරණ සංඛ්‍යාව 42ක්. එරට 7110දෙනෙකු බරපතල තත්ත්වයෙන් සිටිනවා. දකුණු කොරියාවෙන් ඊයේ දිනයේ එක් මරණයක් වාර්තා වුණා. ඒ අනුව එරටින් වාර්තාවූ මරණ සංඛ්‍යාව 22ක්. ආසාදිතයන්ගේ සංඛ්‍යාව 4212යි. ඉතාලියෙන් ආසාදිතයන් 1701ක් වාර්තා වුණා. මරණ 41යි. ආසාදිතයන් 978 දෙනෙකු වාර්තා වන ඉරාණයේ  සිදුව ඇති මරණ සංඛ්‍යාව 54ක්. ජපානයේ නැම්ගුරම්ලා ඇති ඩයමන් ප්‍රින්සස් නෞකාවේ 705 දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබෙනවා. වාර්තාවන වන මරණ සංඛ්‍යාව 7ක්.

මේ අතර ජපානයෙන් COVID-19 වෛරස ආසාදිතයන් 256 හා මරණ 6 ක් වාර්තා වෙද්දී ප්‍රංශයෙන්ද ආසාදිතයන් 130 දෙනෙකු පිළිබඳ තොරතුරු වාර්තාවනවා. දැනට වාර්තාවී ඇති 3000කට අධික COVID-19 මරණ වලින් 90% වාර්තාවන්නේ චීනයේ හුබෙයි ප්‍රාන්තයෙන්. චීන  ආර්ථිකයට ද මෙය දැඩි බලපෑම් එල්ලකර තිබෙනවා.  එක්සත් රාජධානියෙන් ආසාදිතයන් 36ක් වාර්තාවනවා. ඒ සමඟම එරට අග්‍රමාත්‍යවරයා හදිසි රැස්වීමක් ද කැඳවා තිබෙනවා.

අද වන විට අලුතින් රටවල් 6කින් COVID-19 වෛරස ආසාදිතයින් වාර්තා වුණා. COVID-19 වෛරසය පැතිර යාමේ අවදානම හේතුවෙන් අතට අත දී ආචාර නොකරන ලෙස මෙක්සිකෝවේ මීසම්භාර පූජකවරුන් ජනතාවට දැනුම් දී තිබෙනවා. ඒ පසුගිය සතියේදී මෙක්සිකෝවෙන් වෛරස ආසාදිතයන් පස් දෙනෙකු හමුවීමත් සමඟයි. චීනයට පසු අසාදිතයන් වැඩිම පිරිසක් වාර්තාවන්නේ  කොරියාවෙන්. එරට රජය ජනතාවට දැනුම් දී ඇත්තේ නිවෙස් තුලටම වී සිටින ලෙසයි.

 

The post COVID-19 වෛරසය ආසාදනයෙන් මිය ගිය සංඛ්‍යාව 3053ක් දක්වා ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG