තමන්ගේ රුව සහිත ඡායාරූප හෝ අතින් සිතුවම් කළ ඡායාරූප ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රදර්ශනය නොකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ඉල්ලීමක් කරනවා.
ජනාධිපතිතුමාගේ රුව සිතුවම් කළ චිත්‍ර සහ ඡායාරූප අධීක්‍ෂණයකින් තොරව මග දෙපස හා උත්සව භූමිවල ප්‍රදර්ශනය කෙරෙන බවට නිරීක්‍ෂණය වී තිබෙනවා. තමාගේ රුව සිතුවම් කරන පිරිස් වෙත ස්තූතිය පළ කරන ජනාධිපතිතුමා එසේ කිරීමෙන් වළකින ලෙස ඉල්ලීමක් කරනවා. එමෙන්ම පුද්ගල ප්‍රතිරූප ප්‍රවර්ධනය තමා අගය නොකරන බවයි ජනාධිපතිතුමා සඳහන් කරන්නේ.
The post ජනපති රුව ප්‍රදර්ශනයෙන් වළකින ලෙස ඉල්ලීමක් appeared first on ITN News.
Post a Comment