ඇතිවූ හදිසි තත්ත්වය යටතේ ළමා නිවාසවල හා වැඩිහිටි නිවාසවල ආහාර සැපයීමේ බිඳවැටීමක් ඇත්නම් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අමතන ලෙස එම සංගමය දැනුම් දෙනවා.
එම දුරකතන අංකය වෛද්‍ය ප්‍රභාත් සුගතදාස 071 4 471 066.
මේ අතර ළමා නිවාසවලට ආධාර රැගෙන පිටස්තර පුද්ගලයින් ඇතුළුවීම තුළින් ඔවුන් අනාරක්ෂිත තත්ත්වයට පත්විය හැකි බව පරිවාස හා ළමාරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.
ළමා නිවාසවල මේ වනවිට 11,500 කට අධික පිරිසක් සිටින බවයි පරිවාස හා ළමාරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ. ළමා නිවාස සංඛ්‍යාව 400 ක්. වත්මන් තත්ත්වය හමුවේ බොහෝ දෙනා ළමා නිවාසවල නේවාසික දරුවන්ට ආධාර උපකාර කිරීමට ඉදිරිපත්ව සිටිනවා. එය අගය කළ යුතු වුවද විශාල පිරිසක් විටින් විට ළමා නිවාසවලට පැමිණීම එම දරුවන්ගේ ආරක්ෂාවට ගැටලුවක් වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.
දරුවන්ට සෘජුවම ද්‍රව්‍ය ලබාදීමටත් ඔවුන්ගේ ඡායාරූප ළබා ගැනීමටත් ඇතැම් මාධ්‍ය ආයතන සහ පුද්ගලයින් උත්සාහ ගැනීම තුළින් දරුවන්ගේ මානසික තත්ත්වයට මෙන්ම ආත්මාභිමානයට හානිදායක විය හැකියි.
පළාත් කොමසාරිස්වරුන්ගේ උපදෙස් මත පමණක් අදාළ භාණ්ඩ ලබාදෙන ලෙසයි පරිවාස හා ළමාරක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.
The post ආහාර නොලැබෙන ළමා හා වැඩිහිටි නිවාස ඇත්නම් GMOA අමතන්න appeared first on ITN News.
Post a Comment