නවගත්තේගම ඉගිනිමිටිය දෙවන ගම්මාන ප්‍රදේශයේ සූදු පොලක් පවත්වාගෙන ගිය ස්ථානයක් පොලීසිය වටලා තිබෙනවා. එම ස්ථානයේ අලෙවි කිරීමට සූදානම් කර තිබූ මත්පැන් තොගයක්ද පොලීසිය සොයා ගත්තා.
නවගත්තේගම පොලීසියට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදු කෙරුණා. එහිදී සූදු පොලේ සිටි 10 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔට්ටු ඇල්ලීම සඳහා යොදාගත් රුපියල් 25000 කට ආසන්න මුදලක්ද පොලිස් භාරයට ගැනුණා. එම සූදුපොල පවත්වාගෙන ගිය නිවසේ අලෙවි කිරීමට තිබූ නීති නිරෝධී මත්පැන් තොගයක් සමඟ මුව මස් තොගයක්ද සොයා ගෙන තිබුණා. ඇදිරි නීතිය ක්‍රියාත්මක කාලයේ එය කඩකිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් ඔවුන් ආනමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
The post නවගත්තේගම සූදු පොළක් වටලයි – 10 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment