Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනා තෙවැනි මරණය වාර්තා වෙයි  

Add comments

ඊයේ (01) රාත්‍රියේ සිදුවූ කොරෝනා ආසාදිත පුද්ගලයාගේ මරණයත් සමග කොරෝනා වෛරසයෙන් මෙරටදී මියගිය සංඛ්‍යාව 03 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එම පුද්ගලයා‍ගේ දේහය පිලිබද අවසන් කටයුතු අද (02) පෙරවරුවේ සිදු කෙරෙනවා.

කොරෝනා වෛරසය හේතුවෙන් මෙලෙස මියගොස් ඇති පුද්ගලයා 73 හැවිරිදි පිරිමි අයෙකු වන අතර ඔහු කොළඹ,  මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජා සිංහ මහතා පවසනවා. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින විට කොරෝනා වෛරසය අසාදනය වී ඇති බව තහවුරු කරගෙන ඇත්තේ ඊයේ (01) දිනයේදීයි.

එම රෝගියා අයිඩීඑච් රෝහලට මාරු කරන අවස්ථාවේ මිය ගොස් ඇති බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා. මෙම රෝගියා දියවැඩියා, අධික රුධිර පීඩනය,  දීර්ඝ කාලීන වකුගඩු අඩපන වීම ආදී රෝග තත්ත්වයන්ගෙන් පෙළී තිබෙනවා.

රෝගියා රෝහල්ගතවී ඇත්තේ රෝගය උත්සන්න වී ඇති අවස්ථාවේදී බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

 

 

 

 

The post කොරෝනා තෙවැනි මරණය වාර්තා වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG