කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මේ වසර අවසානයේ පැවැත්වීමට නියමිත ඇමෙරිකා ජනාධිපතිවරණයට ද දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.
මෙම වසරේ නොවැම්බර් මාසයේදී ඇමෙරිකා ජනාධිපතිවරණය පැවැත්වීමටයි සැළසුම් කර ඇත්තේ. එහෙත් කොරෝනා වෛරසය සීග්‍රයෙන් ඇමෙරිකාව වෙලාගනිමින් පැවතීම හේතුවෙන් ජනාධිපතිවරණයේ කටයුතුවලට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. ප්‍රචාරක කටයුතු ද මහාපරිමාණයෙන් සිදු කිරීම අපහසු වී ඇති බැවින් දුරස්ථ හා නවීන තාක්ෂණික ක්‍රමවේද ඒ සඳහා භාවිත කෙරෙනවා. ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වන රට බවට පත්ව සිටින ඇමෙරිකාවෙන් වාර්තා වන මුළු ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1 88 578 ක්. එහි මුළු මරණ සංඛ්‍යාව 3890 ක් ලෙස වාර්තා වනවා.
The post කොරෝනා හේතුවෙන් ඇමෙරිකා ජනාධිපතිවරණයට දැඩි බලපෑම් appeared first on ITN News.
Post a Comment