ඇඳිරිනීති තත්ත්වය හේතුවෙන් බස්නාහිර පළාත තුළ සිරවී සිටි පුද්ගලයින් 700 දෙනෙකු අද සිය ගම්බිම්බලා පිටත්ව ගියා. බස්නාහිර පළාතේ කොටුවී සිටින ජනතාව සිය ගම්බිම්බලා රැගෙන යාමේ වැඩපිළිවෙළේ දෙවන අදියර මෙසේ ක්‍රියාත්මක කෙරුණා.
නුගේගොඩ පොලිස්ථානයට අයත් වසම් 15ක සිටි පුද්ගලයින් මෙසේ ගම්බිම් බලා රැගෙන ගියා. ඒ සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථ 25ක් යොදවා තිබුණා. ශරීර උෂ්ණත්වය මැන බැලීමෙන් පසු මුඛ ආවරණ සහිතව මෙම පිරිස රැගෙන යාමට පියවර ගැණුනා. එමෙන්ම දුරස්ථභාවය තබා ගනිමින් ජනතාව බස් රථවල අසුන් ගැන්වීම ද සිදුකෙරුණා. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන්.
මේ අතර වැලිකඩ නගරසභා බල ප්‍රදේශය තුළ හා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභා බලප්‍රෙද්ශය තුළ ඇඳිරිනීති සමය තුළ ගම්බිම් බලා යාමට නොහැකි වූ පුද්ගලයන් ඔවුන්ගේ ගම්බිම බලා පිටත් කර හැරිමද අද ආරම්භ කෙරුණා. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනයක කරමින් ඔවුන් ගම්බිම් බලා පිටත් කර හැරිමි සිදු වුණා.
The post ඇඳිරිනීතිය නිසා කොළඹ සිර වූ 700ක් සෞඛ්‍යාරක්ෂිතව පොලීසියම ගෙවල්වලට භාර දෙයි appeared first on ITN News.
Post a Comment