Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇඳිරිනීතිය ඉවත් කළ ප්‍රදේශවලට රෑ 8ට යළි ඇඳිරිනීතිය  

Add comments

කොළඹ , ගම්පහ , කලුතර හා පුත්තලම යන දිස්ත්‍රික් හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරිනීතිය අද පෙරවරු 5 ට ඉවත් කෙරුණු ඇඳිරිනීතිය රාත්‍රී අටට පැනවීමට නියමිතයි. ලබන බදාදා තෙක් ඇඳිරිනීතිය මෙලෙස ක්‍රියාත්මක වනු ඇති.

ලබන බදාදා රාත්‍රී 08.00 එම දිස්ත්‍රික්වලට පැනවෙන ඇඳිරිනීතිය යළි ඉවත් කෙරෙන්නේ ලබන 11 වනදා අලුයම 5 ටයි. කොළඹ , ගම්පහ , කලුතර හා පුත්තලම යන දිස්ත්‍රික්වල ඇඳිරිනීතිය පැවතියද  ආයතන ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම මැයි 11 වන සඳුදා සිට ආරම්භ කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා. එම දිස්ත්‍රික්වල රාජ්‍ය හා පෞද්ගලික ආයතන සඳුදා සිට විවෘතව තැබෙනවා. සේවා අවශ්‍යතා සැළකිල්ලට ගනිමින් ඒ සඳහා අවශ්‍ය සැලසුම් සකස් කරන ලෙසයි ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබෙන්නේ. ආයතන විවෘතව තැබීමේදී සෞඛ්‍ය උපදෙස් ඒ ආකාරයෙන්ම පිළිපැදිය යුතුයි. දෙපාර්තමේන්තු , සංස්ථා , මණ්ඩල ඇතුලු රාජ්‍ය ආයතනවලට කැඳවිය යුතු සේවක සංඛ්‍යාව ආයතන ප්‍රධානියාට තීරණය කළ හැකියි. පෞද්ගලික ආයතන විවෘත කළ යුත්තේ උදෑසන 10 ටයි. ජනතාව එක්රැස්විම නතර කිරීම සඳහා බස්රථවල හා දුම්රිය මැදිරිවල මගී ප්‍රවාහනය රැකියා සඳහා ගමන් ගන්නා පුද්ගලයින් පමණක් අයට පමණක් සීමාකර තිබෙනවා. මුඛ ආවරණ පැළඳීම ද අත්‍යවශ්‍ය වනවා. කවරෙකු හෝ නිවසින් බැහැරව යා යුත්තේ ආහාර හෝ ඖෂධ වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා පමණක් බවයි ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කරන්නේ.

ජනතාව අනවශ්‍ය ලෙස ඒකරාශී වීම පාලනය කිරීම සඳහා හඳුන්වා දී ඇති ජාතික හැදුනුම්පතේ අවසාන අංකය අනුව නිවෙස්වලින් බැහැර වීමේ අවසරය අදාළ වන්නේ ඇඳිරිනීතිය ක්‍රියාත්මක ප්‍රදේශවලට පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කරනවා. ඇඳිරිනීතිය ලිහිල්කර ඇති අවස්ථාවලදී නිවෙස්වලින් බැහැරව යාමට  මෙය කිසිසේත් අදාළ නොවන බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටියේ.

කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොකිරීමේ සිද්ධි රැසක් වාර්තා වුණා. වෛරසය පැතිරීම වැළැක්වීම සදහා මුව ආවරණ පැළදීම අනිවාර්ය කර තිබුණද ඇතැම් පිරිස් මෙම ආරක්ෂිත ක්‍රමෝපායන් අනුගමනය කරන බව දැක ගැනීමට නොලැබුණු බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

මේ අතර සෞඛ්‍ය අංශයේ රාජකාරී බලපත්‍ර යොදාගනිමින් මත් පෙති හා මත් කරල් අලෙවි කළ එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කළුතර දිසා දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින්. පයාගල වවුලුගල  ප්‍රදේශයේදීයී සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සිදු කෙරුණේ.

දංකොටුව සිංගක්කුලිය පොලිස් මාර්ග බාධකයේදී නීති විරෝධී ලෙස එක්ලස් කරන ලද යතුරුපැදියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇඳිරිනීතිය උල්ලංඝනය කරමින් සැකකරුවන් දෙදෙනෙකු මෙම යතුරු පැදියේ පැමිණ තිබුණා.ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී නීතිවිරෝධී ලෙස යතුරුපැදි එකලස් කරන ස්ථානයක් පිළිබඳ කරුණු හෙළි වී තිබෙනවා. අදාළ ස්ථානය පරික්ෂා කිරීමේදී නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් ද හමුවී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

 

 

The post ඇඳිරිනීතිය ඉවත් කළ ප්‍රදේශවලට රෑ 8ට යළි ඇඳිරිනීතිය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG