චීනය හොංකොං රාජ්‍යයට නව ආරක්‍ෂක නීති පැනවුවහොත් දැඩි ප්‍රතිචාරවලට මුහුණ දීමට සිදුවනු ඇති බවට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවනවා.
හොංකොං රාජ්‍යය පිළිබඳ චීනයේ සැලසුම් තවමත් කිසිවෙකු නොදන්නා කරුණක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා. පැනවෙන නව නීති සඳහා තම රටේ ප්‍රතිචාරය ද යහපත් නොවනු ඇති බවයි ට්‍රම්ප් නිවේදනය කරන්නේ. පසුගිය වසරේදී ද උදර්පන නීතිය පැනවීමට විරුද්ධව හොංකොං රාජ්‍ය තුළ දරුණු ගැටුම් හටගත්තා. කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ඇණහිටි උද්ඝෝෂණ යළිත් වරක් ආරම්භ කිරීමට සූදානම් බවයි හොංකොං ක්‍රියාකාරින් මාධ්‍ය හමුවේ කියාසිටියේ. 1997 වසරේ සිට හොංකොං රාජ්‍ය පාලනය වන්නේ චීනය යටතේයි.
The post ට්‍රම්ප් චීනයට අනතුරු අඟවයි appeared first on ITN News.
Post a Comment