Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වරාය නගර ව්‍යාපෘතියේ වෙරළ සහ ඊට අදාළ ගොඩබිම් ප්‍රදේශවල මෙහෙයුම් ඇරඹීමට ගිවිසුම් අත්සන් කෙරේ  

Add comments

කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ වෙරළ සහ ඊට අදාළ ගොඩබිම් ප්‍රදේශවල මෙහෙයුම් ආරම්භ කිරීමට අදාළව ගිවිසුම් අත්සන් කර තිබෙනවා.

නාගරික සංවර්ධන ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යාංශය නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ CHEC Port City Colombo පෞද්ගලික සමාගම අතර ත්‍රෙයිපාර්ශ්වික අවබෝධතා ගිවිසුමක් මීට අදාළව පසුගියදා අත්සන් කෙරුණා. වරාය නගරයේ බෝට්ටු සවාරි, හෝටල් , ආපන ශාලා, නිවාස ,ලැගුම් හල් ඇතුළු වෙරළ සීමාවේ සහ ඊට ආසන්නයේ ඉදිකෙරෙන ව්‍යාපෘති සහ සේවා ඇතුළු අංශ රැසක් මෙහිදී ආවරණය කෙරෙනවා.

මෙම මෙහෙයුම්වලින් උපයන ආදායම නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශයේ විශේෂ ගිණුමක තැන්පත් කිරීමට නියමිතයි. අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ප්‍රියාත් බන්දු වික්‍රම , නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති හර්ෂාන් ද සිල්වා , CHEC Port City සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ජෙයෑන් හෝලින් යන මහත්වරුන් ගිවිසුමට අත්සන් තැබුවා.

 

 

 

 

The post වරාය නගර ව්‍යාපෘතියේ වෙරළ සහ ඊට අදාළ ගොඩබිම් ප්‍රදේශවල මෙහෙයුම් ඇරඹීමට ගිවිසුම් අත්සන් කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG