මැයි මාසය වෙනුවෙන් විශ්‍රාම වැටුප් ගෙවීම අද (06) දින අවසන් කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදනම් කර ඇති බව අමාත්‍යාංශ ලේකම් සිරිපාල භෙට්ටිආරච්චි මහතා පෙන්වා දෙනවා.
කොරෝනා ව්‍යප්තිය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට ලබාදෙන මැයි මස සහනාධාරය ද ලබන සදුදා (11) සිට ගෙවන බවයි අමාත්‍යාංශ ලේකම්වරයා සදහන් කළේ.
වැඩහිටි , ආබාධිත , වකුගඩු රෝගීන් , ගොවි විශ්‍රාම වැටුප් හා ධීවර විශ්‍රාම වැටුප් යන දීමනා ලෙස කාන්ඩ හයකට මැයි මාසය වෙනුවෙන් රුපියල් පන් දහස ලබාදිමටයි තීරණය කර තිබෙන්නේ.
The post මැයි මාසය වෙනුවෙන් විශ්‍රාම වැටුප් ගෙවීම් අදින් අවසන් කිරීමට පියවර appeared first on ITN News.
Post a Comment