ලොවපුරා කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව තිස් හත් ලක්ෂ විසි හත් දහස් අටසියය ඉක්මවා ගියා.
දෙලක්ෂ පනස් අට දහසකට වැඩි පිරිසක් මේ වනවිට මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. දොලොස් ලක්ෂ හතලිස් දහසකට වැඩි පිරිසක් සුවය ලබා තිබෙනවා.
ඊයේ දිනයේදි වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වුණේ ඇමරිකාවෙන්. එය 2350 ක්. ඒ අනුව ඇමරිකාවෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව හැත්තෑ දෙදහස් දෙසිය ඉක්මවනවා.
දොලොස් ලක්ෂ තිස් හත් දහස් හයසියකට වැඩි පිරිසක් ආසාදනය වී ඇති බවයි එරට සෞඛ්‍ය අංශ පවසන්නේ.
යුරෝපයේ වැඩිම ආසාදිතයන් මියයාම මේ වනවිට බි්රතාන්යයෙන් වාර්තා වනවා. ඒ විසිනව දහස් හාරසිය විසි හතක් ලෙසින්. එය ඉතාලිය ද ඉක්මවා යාමක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.
The post ලොවපුරා කොරෝනා මරණ සංඛ්‍යාව දෙලක්ෂ පනස් අට දහස ඉක්මවයි appeared first on ITN News.
Post a Comment