යාපනය මිරුස්සවිල් ප්රදේශයේ පවුල් දෙකක් අතර ඇතිවූ ගැටුමකින් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.
මියගොස් ඇත්තේ මිරුසවිල් ප්රදේශයේම පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙක්. පහර කෑමට ලක්වූ ඔහුගේ බිරිඳ ද තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි පොලීසිය පවසන්නේ. ඝාතනයට සම්බන්ධ එකම පවුලේ සහෝදරයන් තුන් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගැටුමේදී තුවාල ලැබූ ඔවුන් ද යාපනය සහ චාවකච්චේරි රෝහල් වලට ඇතුලත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ. සිද්ධිය පිළිබදව කොඩිකාමම් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
The post යාපනයේ පුද්ගල ඝාතනයකට එකම පවුලේ තුන් දෙනෙක් අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment