Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යහපාලනයෙන්,පාස්කු ප්‍රහාරයෙන්,කොරෝනාවෙන් ආපස්සට ගිය රටත්,ආර්ථිකයත් ගොඩනගන්න එක්වෙමු  

Add comments

යහපාලනයෙන් , පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් හා කොරෝනා වසංගතයෙන් ආපස්සට ගිය රට යළි ගොඩනැගීමට සියලු දෙනා එක්ව ක්‍රියා කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. නිවේදනයක් නිකුත් කරමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කරන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව 2014 වසරේදී ශ්‍රී ලංකාව ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටක් වුණා. යුද සමයේද 06% ක් වූ ආර්ථික වර්ධන වේගය යුද්ධයෙන් පසු 7.4% ක් දක්වා ඉහළ ගිය බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා. ණය බර අඩු වී කොටස් වෙළෙඳපොළේ සමස්ථ මිල දර්ශකය  ඉහළ ගොස් ඒක පුද්ගල ආදායමද ඉහළ නැංවීමට 2014 වසර වන විට හැකිව තිබුණා. නිදහසින් පසු මෙරට විශාලතම යටිතල පහසුකම් ඉදිකිරීමේ ව්‍යාපෘති ආරම්භ  වූයේද 2006 – 2014 කාලයේදීයී. මෙම සියලු ජයග්‍රහණ ලබා ගත්තේ ලෝක ආහාර අර්බුදය ,ගෝලීය මූල්‍ය අර්බුදය සහ ලෝක ඉතිහාසයේ ඉහළම තෙල් මිල මධ්‍යයේ බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා. එහෙත් 2015 සිට මේ සියල්ල කණපිට හැරී යහපාලන රජය යටතේ 2019 වන විට ආර්ථික වර්ධන වේගය 1.3 දක්වා පහත වැටුණා. ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටී රටේ සමස්ථ ණය බරද ඉහළ ගියා.යහපාලන ආණ්ඩුව ඇමෙරිකා ඩොලර් මිලියන 26 ක විදේශ විනිමය ණය ලබා ගෙන තිබුණද රටට ආදායම් ලැබෙන කිසිදු මාර්ගයක් සලසා තිබුණේ නැහැ. මෙම දරුණු ආර්ථික බිඳ වැටීමට කිසිඳු බාහිර හේතුවක් නොතිබූ බව ද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා.

2015-2019 අතර ඉන්දියාව බංග්ලාදේශය වැනි රටවල් වේගයෙන් වර්ධනය වුණා. පාස්කු ප්‍රහාරය නිසා ලංකාවේ ආර්ථිකය තවත් පහත වැටුණා. 2019 නොවැම්බර් 16 වනදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ලැබුණේ සහමුලින්ම විනාශ වූ ආර්ථිකයක් බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා. මෙවන් තත්ත්වයක් යටතේයි ලෝකයම කොවිඩ් 19 වසංගගතයට මුහුණ දෙන්නේ.කොවිඩ්  වසංගගතය එන විට බලයේ සිටියේ යහපාලන රජය නම් රටට යන කල දසාව ගැන අමුතුවෙන් කිව යුතු නැහැ. මඩ ගැසීම් හා බොරු ප්‍රචාර මත පදනම් වූ යහපාලන දේශපාලන සංස්කෘතියට පශ්චාත් කොවිඩ් 19 ලෝකය තුළ කිසිඳු තැනක් නැති බවයි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ.අද බලයේ සිටින ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයේ සියලු දෙනා ජයගත නොහැකි යැයි කියූ යුද්ධයක් දිනූ කණ්ඩායමකි. කොවිඩ් 19 වසංගතයෙන් පසු ලෝකය තුළ ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යාමට අවශ්‍ය වන්නේ එවන් නායකත්වයක් බවයි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ. සියලු ශ්‍රී ලාංකිකයන්ට අද ඉතිරි වී ඇත්තේ රට ගොඩනැගීමයි. සිදුව ඇති විපතින් ගොඩඒමට එකාවන්ව ක්‍රියා කළේ නැත්නම් රටේ අනාගතය අතිශ්‍යයින්ම අඳුරුවනු ඇති බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

 

The post යහපාලනයෙන්,පාස්කු ප්‍රහාරයෙන්,කොරෝනාවෙන් ආපස්සට ගිය රටත්,ආර්ථිකයත් ගොඩනගන්න එක්වෙමු appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG