Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සයිබර් ප්‍රහාරයෙන් ආයතනයේ කිසිඳු පද්ධතියකට හානියක් සිදු වී  නැහැ  

Add comments

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අභ්‍යන්තර තොරතුරු තාක්ෂණ පද්ධතියේ කොටසකට සයිබර් ප්‍රහාරයක් එල්ල වීම සම්බන්ධයෙන් එම ආයතනය කරුණු පැහැදිලි කර තිබෙනවා. සයිබර් ප්‍රහාරයෙන් ආයතනයේ කිසිඳු පද්ධතියකට හානියක් සිදු වී  නැහැ.

ටෙලිකොම් ආයතනයේ සක්‍රිය පූර්ව අවදානම් ඇඟවීමේ පද්ධතිය මඟින් කල් තබාම මෙම  සයිබර් ප්‍රහාරය හඳුනා ගැනීමට සමත් වූ බවයි ටෙලිකොම් ආයතනය කියා සිටින්නේ. ඒ අනුව ඉතා ඉක්මනින් පූර්වාරක්ෂක ක්‍රමයක් ලෙස සර්වර් පරිගණක ගණනාවක් අක්‍රිය කොට වෛරසයෙන් විය හැකි බලපෑම අවම කිරීමට හැකි වුණා. මෙම සර්වර් පරිගණක හුදෙකලා කර ඇති අතර ඒවා නිවැරදි කිරීමට කඩිනම් පියවර ගනිමින්  සිටින බවයි ටෙලිකොම් ආයතනය කියා සිටියේ. සයිබර් ප්‍රහාරයෙන් ආයතනයේ කිසිඳු පද්ධතියකට හානියක් සිදු වී  නැහැ. එසේම ආයතනය සපයන කිසිඳු සේවාවකට හෝ ගණුදෙනුකරුවකුට බලපෑමක් ඇති නොවන බවද ටෙලිකොම් ආයතනය පවසනවා. ගණුදෙනුකරුවන්ගේ තොරතුරු සුරක්ෂිතව පවතින බවයි ආයතනය සඳහන් කළේ. අමතර දත්ත ලබාදීම ඇතුළු වටිනාකම එක්කල සේවා සියල්ල ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමට ටෙලිකොම් ආයතය කටයුතු කර තිබෙනවා.

 

The post සයිබර් ප්‍රහාරයෙන් ආයතනයේ කිසිඳු පද්ධතියකට හානියක් සිදු වී  නැහැ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG