බලපත්‍ර නොමැති ගිනි අවියක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය දෙවන දිනටත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගෙන් අද ප්‍රශ්න කළා.
අද මධ්‍යහන 12 ට පමණ කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගෙන් පැය දෙක හමාරක කාලයක් ප්‍රශ්න කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී නිවාස සංකීර්ණයේ රන්ජන් රාමනායක මහතාට අයත් නිවසේ තිබී මෙම ගිනිඅවිය මීට මාස කිහිපයකට පෙර සොයා ගත්තා.
මේ පිලිබද කොළඹ අපරාධ කොට්ඨාශය පරික්ෂණ සිදු කරමින් සිටිනවා. ප්‍රකාශ ලබාදිමෙන් අනතුරුව හිටපු මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත අදහස් දැක්වූවා.
The post කොළඹ අපරාධ කොට්ඨාසය දෙවන දිනටත් රන්ජන්ගෙන් ප්‍රශ්න කරයි appeared first on ITN News.
Post a Comment