කොරෝනා ප්‍රතිකාර සේවා ශක්තිමත් කිරීමේ අරමුණින් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය කියුරෙක් (Curec) නමින් පරිගණක මෘදුකාංගයක් නිර්මාණය කර තිබෙනවා.
රෝගියා සහ වෛද්‍යවරයා අතර වීඩියෝ සන්නිවේදනය තුළින් දුරස්ථභාවය ඇති කොට වෛද්‍ය කාර්ය මණ්ඩලයට රෝගය වැළඳීමේ අවදානම අඩු කිරීම නව මෘදකාංගය මඟින් සිදු කෙරෙනවා. කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් මහතාගේ මඟ පෙන්වීමෙන් පරිගණක පීඨයේ පර්යේශණ කණ්ඩායමකුයි මෙය නිපදවීමට මුල් වුණේ.
ගිලන් රථයක් රෝගියාගේ නිවසට යැවීමට හෝ නිරෝධායනයට ලක් කිරීමට අවශ්‍ය තීරණ ගැණීමේ පහසුකම ද මෙම මෘදුකාංගය මඟින් සලසා තිබීම විශේෂත්වයක්. ඒ පිළිබඳ ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ සෞඛ්‍ය ප්‍රධානීන් දැනුවත් කිරීමේ හමුවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද පැවැත්වුණා. පරිගණක පීඨයේ පීඨාධිපති කොමදෝරු ජනක ගුණසීල, ආචාර්ය ප්‍රදීප් කලංසූරිය යන මහත්වරුන් සහ සිසුන් ද විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්වුණා.
The post කොරෝනා ප්‍රතිකාර සේවා ශක්තිමත් කිරීමට පරිගණක මෘදුකාංගයක් appeared first on ITN News.
Post a Comment