පාඩුලබමින් පවතින ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ලාභ ලබන ආයතනයක් බවට පත්කිරීමේ සැලසුම් ආරම්භ කර ඇති බව එහි සභාපති කිංස්ලි රණවක මහතා පවසනවා.
යටිනුවර ලංගම ඩිපෝවේ නව ඉන්දන පිරවුම්හල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි කිංස්ලි රණවක මහතා මෙම අදහස් පළකළේ. එම කාර්මික වැඩපළේ අලුත්වැඩියා කරන ලද බස්රථ එන්ජින් වෙනත් ඩිපෝ සඳහා බෙදා දීම ද මෙහිදී සිදු කෙරුණා. පසුගිය සමයේ ලංගම බස්රථ අලුත්වැඩියා කටයුතු සිදු කෙරුණේ පෞද්ගලික අංශයෙන් වුවත් මේ වන විට එම කටයුතු ලංගම කාර්මික වැඩපළ මඟින් ද ආරම්භ කර තිබෙනවා.
The post ශ්‍රී ලංගමය ලාභ ලබන ආයතනයක් බවට පත්කිරීමේ සැලසුම් දියත් කෙරේ appeared first on ITN News.
Post a Comment