Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සමාජ මාධ්‍යයේ තවත් අශෝභන වැඩක් හෙළිවෙයි – දෙදෙනෙක් අත්අඩංගුවට  

Add comments

සමාජ මාධ්‍ය යොදා ගනිමින් සිදු කරන වැරදි සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසීය පවසනවා.මාතලේ ප්‍රදේශයේ බාලවයස්කරුවන් දෙදෙනෙකුට තර්ජනය කර ඔවුන්ගේ දර්ශන වීඩියෝගත කොට සමාජ මාධ්‍යයට මුදාහැරීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මක කරන බවයි පොලීසිය පවසන්නේ.

බාලවයස්කාර දරුවන් දෙදෙනෙකුට විවිධ තර්ජනයන් සිදු කරමින් එම දර්ශන පටිගත කොට සමාජ මාධ්‍ය ඔස්සේ අදාළ දර්ශන ප්‍රචාරය කිරීමේ ප්‍රවෘත්තියක් මාතලේ ප්‍රදේශයෙන් වාර්තා වුණා. මෙහිදී අදාළ බාලවයස්කරුවන් දෙදෙනාට විවිධ හිංසාවන් සිදු කර ඇති බවයි එම දරුවන්ගේ දෙමව්පියන් සඳහන් කරන්නේ. පුද්ගලයින් 12 දෙනෙකු පමණ මෙම සිද්ධියට සම්බන්ධ වී ඇති අතර  ඔවුන් තමන් සතු ජංගම දුරකතන වලින් මෙම බාලවයස්කරුවන්ගේ දර්ශන  පටිගත කර තිබෙනවා. ඔවුන්ගේ අන්‍යනතාව තහවුරු වන පරිදි  පටිගත කරන ලද මෙම දර්ශන සමාජ මාධ්‍යවල සංසරණය වීම හේතුවෙන් මෙම බාලවයස්කරුවන් දැඩි පීඩනයට පත්ව සිටිනවා. කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන්  සැකකරුවන් දෙදෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි මාතලේ පොලීසිය සඳහන් කරන්නේ.

 

 

The post සමාජ මාධ්‍යයේ තවත් අශෝභන වැඩක් හෙළිවෙයි – දෙදෙනෙක් අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG