Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලොව පුරා කොරෝනා මරණ දෙලක්‍ෂ පනස්දහස ඉක්මවයි  

Add comments

කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් ලොව පුරා සිදු වූ මරණ සංඛ්‍යාව දෙලක්‍ෂ පනස්දහස ඉක්මවා ගියා.

ආසාදිත සංඛ්‍යාව මේ වන විට තිස්හය ලක්‍ෂ හතළිස්හය දහස ඉක්මවා තිබෙනවා. සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව දොළොස් ලක්‍ෂ තුන්සීය දහ හතක් ලෙසයි සදහන් වන්නේ.

වසංගත තත්ත්වය හේතුවෙන් මිය ගිය පිරිසෙන් සියයට 85 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමෙරිකාවෙන් හා යුරෝපා කලාපයෙන්. ඇමෙරිකාවෙන් වාර්තා වන පුද්ගල මරණ සංඛ්‍යාව හැත්තෑදහසකට ආසන්න වී තිබෙනවා.

පෙර දිනවලට සාපේක්‍ෂව ඉතාලියේ දෛනික මරණවල වැඩි වීමක් පෙන්නුම් කරමින් ඊයේ (04) දිනයේදී එරටින් කොවිඩ් නයින්ටීන් මරණ 195 ක් වාර්තා වී තිබෙනවා. ඒ සමග සමස්ත මරණ සංඛ්‍යාව විසිනව දහස් හැත්තෑ නවයක් දක්වා ඉහළ ගියා.

The post ලොව පුරා කොරෝනා මරණ දෙලක්‍ෂ පනස්දහස ඉක්මවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG