Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෙරට විශාලතම සුළං බල ව්‍යාපෘතිය තවදුරටත් පුළුල් කිරීමට ජනපතිගෙන් උපදෙස්  

Add comments

මන්නාරම් තුඩුවේ මේ වනවිට ඉදිකිරීම් අවසන් කර ඇති මෙරට විශාලතම සුළං බල ව්‍යාපෘතිය තවදුරටත් පුළුල් කෙරෙනවා. ඒ අනුව පුනර්ජනනීය විදුලිබල නිශ්පාදනය වැඩි කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උපදෙස් දී ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

මෙම වසරේ සැප්තැම්බර් මාසයේ දී මෙම සුළං බල විදුලි ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට නියමිතයි. මෙගාවොට් 103 ක විදුලි නිෂ්පාදනයක් එමගින් අපේක්ෂා කෙරෙනවා. මේ අනුව වාර්ෂිකව ගිගාවොට් පැය 400 ක් මෙමගින් නිෂ්පාදනය කිරීමටයි සැළසුම්කර ඇත්තේ. ව්‍යාපෘතිය සදහා රජය වැයකර තිබෙන මුදල රුපියල් බිලියන 25 ක්. සුළං විදුලිබල නිෂ්පාදනය සදහා සුදුසුම ප්‍රදේශය වන මන්නාරම තෝරා ගනිමින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙනවා.

මේ පිළිබද ජනාධිපතිතුමා වෙත කරුණු වාර්තා කිරීමෙන් පසු මන්නාරම තුඩුව වටා එම ප්‍රදේශය පුරාම වැටක් සේ සුළං බල විදුලි උත්පාදන කුළුණු සවි කිරීම සදහා උපදෙස් ලබාදී තිබෙනවා. මේ අනුව වසර 2030 වනවිට මෙරට සමස්ත විදුලි සැපයුමෙන් 80% ක්ම පුනර්ජනනීය බල ශක්තියෙන් සම්පූර්ණ කිරීම ජනාධිපතිතුමාගේ ඉලක්කය බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියාසිටින්නේ.

The post මෙරට විශාලතම සුළං බල ව්‍යාපෘතිය තවදුරටත් පුළුල් කිරීමට ජනපතිගෙන් උපදෙස් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG