Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සහ මහමැතිවරණය පැවැත්වීමට එරෙහි පෙත්සම් වැඩිදුර විභාගය ඇරඹේ  

Add comments

පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සහ මහමැතිවරණය පැවැත්වීමට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් වැඩිදුර විභාගය අද පෙරවරුවේ යළි ආරම්භ වුණා.

ජනාධිපති ලේකම් පි බී ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා වාචික දේශන ආරම්භ කරමින් පෙත්සම්වලට ඉදිරිපත් කළ මූලික විරෝධතා සම්බන්ධයෙන් වැඩිදුර කරුණු ඉදිරිපත් කළා. දැනට පවත්නා තත්ත්වය අනුව පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යා හැකි බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා තම සේවාදායකයා වන ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා වෙත ලිපියක් මගින් දන්වා ඇති බව ජනාධිපති නීතීඥ රොමේෂ්  ද සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

කොරෝනා වෛරසය ආසාදිතයින් සුව වීමේ ප්‍රතිශතය ඉහළ අගයක් ගනිමින් මරණ අනුපාතය පහළ අගයක් සටහන් වීමෙන් ද ශ්‍රී ලංකාව සාර්ථකව කොරෝනා වෛරසය මර්දනය කර ඇති ආකාරය පැහැදිලිවන බව ජාසිංහ මහතාගේ ලිපියේ සදහන් කර ඇති බවද ජනාධිපති නීතීඥවරයා තවදුරටත් පවසා සිටියා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මත රජය කටයුතු කරමින් නිරෝධායන ක්‍රියාවලිය සිදුකර ඇති බවත් ඒ අනුව සෞඛ්‍ය පුරුදු ඉදිරියට ද ඒ ආකාරයෙන් පවත්වාගෙන යාම අවශ්‍ය බවත් අනිල් ජාසිහං මහතා දන්වා ඇති බවයි රොමේෂ් ද සිල්වා මහතා තවදුරටත් ප්‍රකාශ කළේ.

කෙසේ වුවද මෙම වෛරසයට තවමත් එන්නතක් සොයා ගෙන නැති බැවින් එය පැතිර යාමේ අවදානම පවතින බවද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අදාළ ලිපියේ සදහන් කර ඇති බව ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට වැඩිදුරටත් දැනුම් දුන්නා. පාර්ලිමේන්තුව විසිරුවා හැරීම හා පාර්ලිමේන්තු මැතිවරණය ජුනි 20 වනදා පැවැත්වීම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම අද සිදුවන්නේ පස්වන දිනටයි. ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘෘ, ප්‍රියන්ත ජයවර්ධන හා විජිත් මලල්ගොඩ යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි.

The post පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සහ මහමැතිවරණය පැවැත්වීමට එරෙහි පෙත්සම් වැඩිදුර විභාගය ඇරඹේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG