Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලොව පුරා කොරෝනා මරණ තුන් ලක්ෂ තිස්පන්දහස පසුකරයි  

Add comments

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය මේ වන විට ලොව පුරා 5,217,282දෙනෙකුට ආසාදනය වී තිබෙනවා.

සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 2,096,632ක්. වෛරස ආසාදනය හේතුවෙන් මරණ 335,053 ක් වාර්තා වනවා.

රටවල් හා ස්වයං පාලන ප්‍රදේශ 213 ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.

රට විවෘත කිරීම ආර්ථිකය යළි නගා සිටුවීමට සමත් වේයැයි සිතුවද  පසුගිය දින 7 තුළ පමණක් ඇමෙරිකාවේ රැකියා අහිමි වූ පිරිස ලක්ෂ 24 ඉක්මවා තිබෙනවා.

වෛරස ව්‍යාප්තිය හේතුවෙන් දැනට ලක්ෂ තුන්සිය අසූහයකට පමණ රැකියා අහිමිවී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පෝට් සමාගමේ නිරීක්ෂණ චාරිකාවක නිරතවූ අතර මාධ්‍ය හමුවේ පෙනී සිටීමට ප්‍රථමයෙන් ඔහු පැළද සිටි මුහුණු ආවරණය ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

The post ලොව පුරා කොරෝනා මරණ තුන් ලක්ෂ තිස්පන්දහස පසුකරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG