Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සෞඛ්‍ය උපදෙස්වලට මුල් තැන දෙමින් පොසොන් පොහොය වෙනුවෙන් රට පුරා ආගමික වැඩසටහන්  

Add comments

පොසොන් පොහොය දින විශේෂ ආගමික වතාවත් පැවැත්වෙන සිද්ධස්ථානවල සිට මාධ්‍ය ආයතන මගින් සජීව ආවරණ කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරනවා.

වෙසක් පොහොය දිනයේදී රට පුරා ආගමික වතාවත් ඉටු කළ ආකාරයෙන්ම මෙවර පොසොන් පොහොය දිනයේදී ද ආගමික වතාවත්වල යෙදෙන මෙන් බුද්ධ ශාසන සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා ඉල්ලා සිටිනවා.

සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශවල උපදෙස් අනුව සමාජ දුරස්ථභාවය හා පූර්වාරක්‍ෂක ක්‍රම පවත්වා ගනිමින් මෙම ස්ථානවල සිට පවත්වනු ලබන ආගමික වැඩසටහන් සඳහා සංකේතවත්ව සැදැහැවතුන් සහභාගි කරවා ගත යුතුයි.

කෝවිඩ් නයින්ටීන් වසංගතය පාලනය වෙමින් පවතින මෙම අවස්ථාවේදී නිවසේ සිට සිල් සමාදන් වීම ඇතුලු පිළිවෙත්වල යෙදීම ඉතා වැදගත් වන බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය පෙන්වා දෙන්නේ. ආරෝග්‍යා පරමාලාභා තේමාව යටතේ මෙවර රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලේ මැද මළුවේදී පැවැත්වෙනවා.

 

The post සෞඛ්‍ය උපදෙස්වලට මුල් තැන දෙමින් පොසොන් පොහොය වෙනුවෙන් රට පුරා ආගමික වැඩසටහන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG