Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුසියාවට ශ්‍රී ලංකා තානාපති ලෙස විශේෂඥ වෛද්‍ය, මහාචාර්යවරයෙක්  

Add comments

රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත්ව සිටින විශේෂඥ වෛද්‍ය මහාචාර්ය එම් ඩී ළමාවංශ මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා මුණ ගැසුණා.

අග්‍රාමාත්‍යවරයා මුණ ගැසීමෙන් පසු රාජකාරි කටයුතු ආරම්භ කිරීම සඳහා ඒ මහතා රුසියාව බලා පිටත්ව ගියා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශල්‍ය වෛද්‍ය මහාචාර්යවරයෙකු වන එම් ඩී ළමාවංශ මහතා එම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ හිටපු පීඨාධිපතිවරයා ද වනවා.

වයඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආරම්භක පීඨාධිපතිවරයා වන ළමාවංශ මහතා සාර්ක් රටවල ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ හිටපු ලේකම්වරයෙකු ලෙස කටයුතු කර තිබෙනවා.

කුඩා දරුවන්ගේ වකුගඩු බද්ධ කිරීම් සම්බන්ධයෙන් මෙරට සිටින ප්‍රවීණතම ශල්‍ය වෛද්‍යවරයෙකු වන්නේ මහාචාර්ය ළමාවංශ මහතායි.

 

 

The post රුසියාවට ශ්‍රී ලංකා තානාපති ලෙස විශේෂඥ වෛද්‍ය, මහාචාර්යවරයෙක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG