කොරෝනා රෝගීන් 660 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගියා. ගෙවුණු පැය 24 තුළ සුවය ලැබූ රෝගීන්ගේ සංඛ්‍යාව 40 දෙනෙකු බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ. අද දිනයේ කොරෝනා රෝගීන් 17 දෙනෙකු වාර්තා වුණා. ඉන් 15 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වන අතර අනෙක් දෙදෙනා ඩුබායි සිට පැමිණ ගිරාගම නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින්.
ඊයේ දිනය වන විට 50,000 ඉක්මවා පීසීආර් පරීක්ෂණ සිදුකර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා.
කොරෝනා රෝගීන් 1,085 දෙනෙකු වාර්තා වෙද්දී 660 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. 416 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබනවා. කොරෝනා බවට සැක සහිත 101 දෙනෙකු ප්‍රතිකාර ලබන්නේ වෛද්‍ය අධීක්ෂණය යටතේයි. බාහිර සමාජයෙන් රෝගීන් වාර්තා නොවූවද ඊයේ දිනයේදී පමණක් පීසීආර් පරීක්ෂණ 1970 ක් සිදු කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා.
The post තවත් කොරෝනා රෝගීන් 17ක් හමුවෙයි; මෙරට වෛරස ක්‍රියාකාරී මුළු ගණන 416යි appeared first on ITN News.
Post a Comment