Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කුඩා සහ මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සතුව තිබු වී තොග වෙලෙදපොලට  

Add comments

කුඩා සහ මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සතුව තිබු වී තොග වෙලෙදපොලට නිදහස් කිරිම ආරම්භ කර ඇති බව අභ්‍යන්තර වෙලෙද ආහාර සුරක්ෂිතතාව සහ පාරිභෝගික සුභසාධන අමාත්‍යාංශය ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය පවසනවා. අද දිනයේදී කොළඹ සමුපකාර වෙලෙදසැල්වලට සහල් තොග යොමු කරන බවයි ඒ මහත්මිය ප්‍රකාශ කළේ.

වෙලෙදපොලේ සහල් හිගයක් පවතින බවට පාරිභෝගික ජනතාව පසුගිය දිනවල පැමිණිලි ඉදිරිපත් කළා. වී මෝල් හිමියන් සහල් තොග සගවා ගෙන සිටින බවටයි චෝදනා එල්ල වුණේ. ඒ අනුව වැටලීම් සිදු කෙරුණු අතර කුඩා වී මෝල් හිමියන් සතුව ඇති වී තොග වෙලෙදපොලට නිකුත් කිරිමට අවශ්‍ය කටයුතු ද සිදු කෙරුණා. ඒ අනුවයි අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත කොළඹ දිස්ත්‍රික්කයේ සමුපාකාර තොග වෙලෙද සැල්වලට සහල් බෙදා හැරිම අද සිදු කෙරුණේ.

මේ අතර මහා පරිමාණ වී මෝල් හිමියන් සහල් තොග සගවාගෙන ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහා පරිමාණ සහල් මෝල් සංකීර්ණ පරික්‍ෂා කිරීමට අද කටයුතු කෙරුණා. පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා ඇතුලු නිලධාරීන් 50 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඊට සහභාගි වුණා. සහල් තොග ගබඩා පරික්‍ෂා කිරීමට එම නිලධාරීන් කටයුතු කළා.

The post කුඩා සහ මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සතුව තිබු වී තොග වෙලෙදපොලට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG