වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම සදහා පනවා තිබූ ඇදිරිනීති උල්ලංඝනය කරමින් සිය මිතුරන් සමග මත්පැන් සාදයක් පවත්වමින් සිටි පේරු රාජ්‍යයේ නගරාධිපතිවරයෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සාදය පැවති ස්ථානයට පොලිසිය පැමිණිමත් සමග නගරාධිපතිවරයා මියගිය තැනැත්තෙකු මෙන් මිනී පෙට්ටියක් තුළ නිදාගෙන සිටීම හේතුවෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

The post ඇදිරිනීති උල්ලංඝනය කළ පේරු නගරාධිපතිවරයෙකු මිනී පෙට්ටියක් තුළ දී අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment