Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

‘කවසකි’ රෝගී දරුවන් රිජ්වේ ආර්යා ළමා රෝහලටත් වාර්තා වනවා – විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා  

Add comments

දරුවන් අතර පැතිර යන කවසකි රෝගය මේ වන විට ලොව පුරා විවිධ රටවල හිස ඔසවමින් තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

කවසකි රෝගය වැළඳීමෙන් මිය ගිය පළමු දරුවා ප්‍රංශයෙන් වාර්තා වුණා. ඒ 9 හැවිරිදි පිරිමි දරුවෙක්. ස්නායු පද්ධතියට බලපෑම් එල්ල වීමෙන් ඔහුගේ මරණය සිදුව ඇති බවයි වෛද්‍ය විශේෂඥයන් සඳහන් කළේ.

මෙම රෝගය කොරෝනා වෛරසය සමග ද සම්බන්ධයක් ඇති බවට වෛද්‍යවරුන්ගේ සැක පහළ වී තිබෙනවා.

මිය ගිය දරුවාට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණා. ඔහු රෝහලේ දවස් 7 ක කාලයක් ප්‍රතිකාර ලැබීමෙන් පසුවයි ජීවිතක්‍ෂයට පත්වුණේ.

අධික උණ  සමේ කුෂ්ට ඇති වීම සහ උදරයේ වේදනාවක් ඇති වීම රෝග ලක්‍ෂණයි. රෝගයෙන් වැඩිම බලපෑමක් එල්ල වන්නේ වයස අවුරුදු 5 ට අඩු දරුවන්ටයි.

‘කවසකි’ රෝගී දරුවන් වසරකට සාමාන්‍යයෙන් 50-100ත් අතර රිජ්වේ ආර්යා ළමා රෝහලටත් වාර්තා වන බව එම රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සදහන් කරනවා.

The post ‘කවසකි’ රෝගී දරුවන් රිජ්වේ ආර්යා ළමා රෝහලටත් වාර්තා වනවා – විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG