රජය මඟින් ගොවීන්ට අවශ්‍ය පොහොර ලබාදීමේ වැඩපිළිවෙළ තවදුරටත් ක්‍රියාත්මකයි.
පුත්තලම දිස්ත්‍රික්කයේ යළ කන්නය සඳහා පොහොර ලබාදීම වෙනුවෙන් රුපියල් කෝටි 30 ක් වෙන්කර ඇති බව දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් එස් පී පී සේනාධීර මහතා පවසනවා. ගොවීන් තිස්දහසකට අධික පිරිසකට දිස්ත්‍රික්කයේ ගොවිජන සේවා මධ්‍යස්ථාන 18 කදී පොහොර බෙදා හැරීමේ කටයුතු සිදුකෙරෙමින් පවතින බවයි ඒ මහතා පවසන්නේ. ගොවීන්ගේ පොහොර අවශ්‍යතාවයෙන් 60% ක ප්‍රමාණයක් මේ වනවිටත් බෙදා දී අවසන් බව ඒ මහතා සඳහන් කරනවා. පොහොර සහනාධාරය ලබාදීම සම්බන්ධයෙන් ගොවීන් ද රජයට ප්‍රසාදය පළකරනවා.
The post රජය මඟින් ගොවීන්ට අවශ්‍ය පොහොර ලබාදීමේ වැඩපිළිවෙළ තවදුරටත් appeared first on ITN News.
Post a Comment