Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වසා දමා තිබූ අකුරණ , පන්නිල, ඉමාමුල් අරූස් යළි විවෘත කෙරේ  

Add comments

මහනුවර අකුරන නගරය අද විවෘත කෙරුණේ දින 34 කට පසුවයි. මෙම ප්‍රදේශයෙන් කොරෝනා රෝගියෙකු හමුවීමත් සමඟයි  එය වසා දැමුණේ. අකුරණ ප්‍රදේශයෙන් කොරෝනා රෝගීන් 07 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මෙම ප්‍රදේශය යළි වීවෘත කෙරුණාද ඇඳිරිනීතිය මෙන්ම නිරෝධායන නීතිද ක්‍රියාත්මක බැවින් ජනතාව ඒ පිළිබඳ දැනුවත් කර තිබෙනවා. නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කෙරුණු සියලු දෙනා ද යළි නිවාස වෙත පැමිණ  සිටිනවා.

මේ අතර බේරුවල  ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් 05 ක් අද යළි විවෘත කෙරුණා. මෙම ප්‍රදේශ වසා දැමුණේ කොරෝනා රෝගීන් හමුවීමත් සමඟයි. ඒ අනුව බේරුවල පන්නිල , චීන කොටුව ආදී ප්‍රදේශවලින් පූනානි කඳවුර වෙත යොමු කර සිටි පළමු කණ්ඩායම නිරෝධායනය අවසන් කර යළි නිවසට පැමිණියා. 213 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙලෙස නිරෝධායනය සඳහා යොමු කෙරුණු අතර ඉන් පුද්ගලයින් 76 දෙනෙකුයි යළි නිවාසවලට පැමිණියේ. ඔවුන් ඉදිරියේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ දැනුවත් කිරීමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කටයුතු කළා.

හුදෙකලා කර තිබූ මරදාන ඉමාමුල් අරුස් මාවත නිවාස සංකීර්ණය යළි විවෘත කිරීමට කටයුතු කෙරුණා. එම ප්‍රදේශයේ හමුවූ කොරෝනා ආසාදිතයෙකු මිය යෑමත් සමඟ එම ප්‍රදේශය හුදෙකලා කිරීමටයි පියවර ගැනුණේ. සිදුකළ පරීක්ෂණවලදී පුද්ගලයින් 5 දෙනෙකු කෙරෝනා ආසාදිතයින් බව හඳුනාගැනුණු අතර පවුල් 80කට අයත් පුද්ගලයින් 302 නෙකු නිරෝධායනයට ලක්කිරීමට පියවර ගැනුණා. එම කටයුතු සාර්ථකව අවසන් කිරීමෙන් පසුවයි එම ප්‍රදේශය ජනතාව වෙනුවෙන් යළි විවෘත කිරීමට අද කටයුතු කෙරුණේ.

The post වසා දමා තිබූ අකුරණ , පන්නිල, ඉමාමුල් අරූස් යළි විවෘත කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG