Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අගමැතිගෙන් නිවේදනයක්  

Add comments

පවත්නා තත්ත්වය හමුවේ මැතිවරණ හා දේශපාලනය ගැන කතා කිරීම සම්පූර්ණයෙන් පසෙක තබා කොරෝනා වසංගතය පාලනයටත් , ජනජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමටත් රජය සම්පූර්ණ අවධානය යොමු කර ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ  බව අවධාරණය කර ඇත්තේ.

ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය මෙන්ම සමස්ථ රාජ්‍ය යාන්ත්‍රණයම කොරෝනා මර්දන ව්‍යාපාරය කෙරෙහි පූර්ණ අවදානය යොමු කර තිබෙනවා. ඉන් ජනතාවට ප්‍රතිඵල අත්වෙමින් තිබෙන ආකාරයද දැක ගත හැකියි. මෙම ජාතික ආපදාව හා ලෝක ව්‍යසනය මධ්‍යයේ  වුවද විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව යළි රැස් කළ යුතු බවත් අප්‍රේල් 05 වනදායින පසු පැරණි පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව ආණ්ඩුවට කොරෝනා මර්දනය ඇතුළු රජයේ සේවාවන් පවත්වාගෙන යාමට මුදල් වෙන් කිරීමට නෛතික  බලයක් නොමැති බව විපක්ෂය පවසනවා. පැරණි පාර්ලිමේන්තුව යළි රැස් නොකළහොත් ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩු පාර්ශ්වයේ සියලු දෙනාගේ ප්‍රජා අයිතිය නැති විය හැකි බවටත් දේපල රාජසන්තක විය හැකි බවටත් විපක්ෂය කරන තර්ජන දැක ගත හැකි බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ. පාර්ලිමේන්තුව  විසුරුවා හරිනු ලැබුවේ මෙරටින් එකම කොරෝනා රෝගියෙකු වාර්තා වී නොසිටි අවස්ථාවකයි. ඉන් සති එකහමාරකට පසු රෝගියෙකු හමුවීමත් සමඟ මැතිවරණ කොමිසම ජුනි 20 වනදා දක්වා මැතිවරණය කල් දමනු ලැබුවා. සෞඛ්‍ය අංශවල නිර්දේශයන්ට අනුව බොහෝ දුරට එයද කල් යෑමට ඉඩ ඇති බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කර ඇතැයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා. මෙරට කොරෝනා මර්දන ව්‍යාපෘතිය ලොව බොහෝ රටවලට වඩා සාර්ථකත්වයක් පෙන්වා ඇති අවස්ථාවේ මැතිවරණයක් පැවැත්වුවහොත් විපක්ෂයට අවාසිදායක වන බැවින් යළි පැරණි පාර්ලිමේන්තුව කැඳවාගෙන රජයේ මුදල් සැපයුම අවහිර කිරීම විපක්ෂයේ අරමුණයි. කොරෝනා මර්දන ව්‍යාපෘතිය කඩාකප්පල් කිරීමෙන් මහමැතිවරණයට පෙර ආණ්ඩුවේ ප්‍රතිරූපය බිඳ දැමීම විපක්ෂයේ පරමාර්ථය බව අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ තවරදුට‍ත්  සඳහන්.

 

 

 

 

 

 

 

 

 

 

The post අගමැතිගෙන් නිවේදනයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG