Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පළාත් කිහිපයකට පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි  

Add comments

බස්නාහිර , මධ්‍යම , සබරගමුව , දකුණ , වයඹ හා ඌව පළාත්වල සවස් කාලයේදි හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

බස්නාහිර හා දකුණු පළාත්වලත් පුත්තලම , මන්නාරම හා යාපනය දිස්ත්‍රික්වලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට අකුණු මඟින් සහ තාවකාලික හා තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස ද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර දකුණු අන්දමන් මුහුද හා ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වී තිබෙනවා. ගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල යෙදීමේදි මේ පිළිබද අවධානයෙන් කටයුතු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. දිවයින වටා මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ සිට මද වශයෙන් රළු විය හැකියි.

 

 

The post පළාත් කිහිපයකට පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG