Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විදේශවල සිරවී සිටින සිසුන් මෙරටට රැගෙන ඒමේ වැඩපිළිවෙළ තවදුරටත්  

Add comments

විදේශවල අධ්‍යාපනය හැදෑරීමට ගොස් කොරෝනා ව්‍යවසනය හේතුවෙන් සිරවී සිටින සිසුන් මෙරටට රැගෙන ඒමේ වැඩපිළිවෙළ තවදුරටත් ක්‍රියාත්මකයි.

එවැනි සිසුන් නිරෝධායනයට ලක් කිරීම සඳහා හෝමාගම දියගම පිහිටි මොරටුව විශ්වවිද්‍යාලයීය තාක්‍ෂණ ආයතනයේ නේවාසික ගොඩනැගිලි නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස යොදා ගැනීමට පියවර ගැනුණා. අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අදාළ ගොඩනැගිලිවල යතුරු මේජර් ජෙනරාල් වසන්ත මාදොළ මහතා වෙත භාර දීමටයි කටයුතු කෙරුණේ.

මේ අතර ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර සිරවී සිටි සිසුන් 207 දෙනෙකු රැගත් විශේෂ ගුවන් යානය කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළ වෙත අද අලුයම ළගා වුණා. යූ එල් 504 දරණ ශ්‍රී ලන්කන් ගුවන් යානයෙන් පැමිණි මෙම සිසුන් විෂබීජහරණයට ලක්කර නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරීමටයි පියවර ගැනුණේ. ලන්ඩන් නුවර රැඳී සිටින තවත් සිසුන් පිරිසක් රැගෙන ඒම සඳහා තවත් විශේෂ ගුවන් යානයක් ලන්ඩන් බලා පිටත්ව ගියා.

The post විදේශවල සිරවී සිටින සිසුන් මෙරටට රැගෙන ඒමේ වැඩපිළිවෙළ තවදුරටත් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG