Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොළඹ පැල්පත් වාසීන් හතලිස්දහසක් වෙනුවෙන් නව නිවාස ඉදිකිරීම ඇරඹෙයි  

Add comments

කොළඹ නගරයේ පැල්පත් වාසීන් හතලිස්දහසක් වෙනුවෙන් නව නිවාස ඉදිකිරීමේ වැඩසටහන අද (05) ආරම්භ කෙරුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුවයි ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ.

කොළඹ 14 සිරිමාවෝ බණ්ඩාරනායක මාවත,  එදිරිසිංහ මාවත,  ස්ටේඩියම්ගම,  සිරිමුතු උයන අසල නිවාස දහසකින් සමන්විත මෙම මහල් නිවාස සංකීර්ණය ඉදිකෙරෙනවා. මෙහි එක් නිවසක් වර්ගඅඩි 550 කින් සමන්විතයි. ආසියා යටිතල පහසුකම් සහ සංවර්ධන බැංකුවේ ආධාර යටතේ මහල් නිවාස සංකීර්ණය ඉදිකෙරෙනවා. වැය කෙරෙන මුදල රුපියල් මිලියන 5,950 ක්. වසර තුනක් තුළ ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතයි.

කොළඹ නගරයේ පැල්පත්වාසී පවුල් 60,000 ක් වෙනුවෙන් මහල් නිවාස සංකීර්ණ ඉදිකිරීමේ කටයුතු ආරම්භ කෙරුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ අවස්ථාවේදීයි.

එම කාලය තුළදී නිවාස 20,000 ක් ඉදිකර අවසන් කෙරුණා. තවත් නිවාස 3,000 ක් ඉදිකෙරෙමින් පැවතුනා.

පසුගිය වසර කිහිපයේ දී මෙම ක්‍රියාවලිය අඩපණවී තිබූ අතර යළි ජනාධිපතිතුමා බලයට පත්වූ පසු මෙසේ ඉදිකිරීම් ආරම්භ කෙරුණා.

 

The post කොළඹ පැල්පත් වාසීන් හතලිස්දහසක් වෙනුවෙන් නව නිවාස ඉදිකිරීම ඇරඹෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG