කොරෝනා වෛරසය හේතුවෙන් වසා දැමුණු ලෙබනනය මැයි 24 වනදා දක්වා තවදුරටත් වසා දැමීමට තීරණය කර තිබෙනවා.
එරට ආරක්ෂක අධිකරණය ලෙබනන් රජයට මෙලෙස නියෝග කර ඇති බවයි ලෙබනන් මාධ්‍ය වාර්තා කරන්නේ. කොවිඩ් 19 වෛරසය හේතුවෙන් මේ වනවිට මරණ 25 ක් සිදුව ඇති අතර හඳුනාගෙන ඇති ආසාදිතයින්ගේ සංඛ්‍යාව 740 ක්. ලෙබනන් රජය එරට පනවා තිබූ සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. එරට අවන්හල් විවෘත කිරීමට මෙම සතියේ දී ඉඩ ලබාදී ඇතත් 30% ක පිරිසක් පමණක් අවන්හල්වෙත ඇතුළුකර ගන්නා ලෙසයි බලධාරීන් උපදෙස් ලබාදී ඇත්තේ.
The post කොරෝනා හේතුවෙන් වසා දැමුණු ලෙබනනය මැයි 24 වනදා දක්වා තවදුරටත් වසා දැමේ appeared first on ITN News.
Post a Comment