දෙවන ලෝක යුද්ධයෙන් දිවි බේරාගත් කිඹුලෙකු අද තම දිවියට සමුදුන්නා.
සැටර්න් නම් වූ මෙම කිඹුලාගේ වයස අවුරුදු 84 ක්. ඇමෙරිකාවේදී උපත ලද සැටර්න් ජර්මනියේ බර්ලින් සත්වෝද්‍යානයට පැමිණෙන්නේ පරිත්‍යාගයක් ලෙසයි. 1943 වසරේදී දෙවන ලෝක යුද්ධයේ ආරම්භයත් සමඟ මෙම කිඹුලා බර්ලින් සත්වෝද්‍යානයෙන් පැන ගොස් තිබෙනවා.
වසර 3කට පසුව බ්‍රිතාන්‍ය සොල්දාදුවෙකුට සැටර්න් නැවත හමුවී ඇති අතර මොස්කව් සත්වෝද්‍යානයට භාර දී තිබෙනවා. ඒකාධිපතිපාලක ඇඩෝල්ෆ් හිට්ලර් සුරතලෙකු ලෙස සැටර්න් ඇති දැඩි කළ බවට මතයක් පවතිනවා. කෙසේ වුවද මිය යන මොහොත තෙක් සැටර්න් නම් මෙම කිඹුලා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවූ බවයි සත්වෝද්‍යාන බලධාරීන් නිවේදනය කරන්නේ.
The post දෙවන ලෝක යුද්ධයෙන් දිවි බේරාගත් කිඹුලෙකු මියයයි appeared first on ITN News.
Post a Comment