සමාජ මාධ්‍ය ජාලවල හුවමාරු වන උසස් පෙළ විභාග කාල සටහන සම්පූර්ණ අසත්‍යයක් බව අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරනවා.
මෙවර උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනය ඇතුළත් කාල සටහනක් සමාජ මාධ්‍ය ජාලවල හුවමාරු වන අතර එහි කිසිදු සත්‍යතාවක් නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසනවා. උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය හා විභාග දෙපාර්තමේන්තුව නිකුත් කරන නිල නිවේදන පිළිබද විශ්වාසය තබා වගකීමෙන් කටයුතු කරන ලෙස සියලු දෙනාගෙන් විභාග කොමසාරිස්වරයා ඉල්ලා සිටිනවා.
රට තුළ මතුව ඇති අභියෝගාත්මක තත්ත්වය හමුවේ සමස්ත අධ්‍යාපනය සම්බන්ධයෙන් තීරණ ගත යුත්තේ දූර දර්ශීව බවත් ඇතැම් පාර්ශ්ව සමාජය නොමග යවමින් මෙබදු පුවත් පළ කිරීම කණගාටුදායක බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දෙනවා. අදාළ සාවද්‍ය ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස විභාග කොමසාරිස්වරයා තැපැල් හා විදුලි සංදේශ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබෙනවා.
The post සමාජ මාධ්‍ය ජාලවල හුවමාරු වන උසස් පෙළ විභාග කාල සටහන සම්පූර්ණ අසත්‍යයක් appeared first on ITN News.
Post a Comment