Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් නිවෙස් වෙත  

Add comments

නිරෝධායනය සාර්ථකව අවසන් කළ තවත් පිරිසක් අද (01) සිය නිවෙස් බලා පිටත්ව ගියා.

දිඹුලාගල ධම්මින්න යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය සාර්ථකව අවසන් කළ 35 දෙනෙකු අද (01) එම මධ්‍යස්ථානයෙන් පිටත්ව ගියා. රාගම රෝහලේ දී කොරෝනා ආසාදිත රෝගියෙකුට ප්‍රතිකාර කිරීම සදහා දායක වූ පිරිසකුයි මෙසේ නිරෝධායනයට ලක්කෙරුණේ.

ඔවුන් ධම්මින්න 6 වන ගැමුණු හේවා බලකා යුද හමුදා කදවුරු පරිශ්‍රයේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයේ දී නිරෝධායනයට ලක්කෙරුණා.

ඔවුන් සියලු දෙනා තමන්ට කළ සත්කාර්ය වෙනුවෙන් යුද හමුදාවට ප්‍රණාමය පුදකළා.

 

The post නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් නිවෙස් වෙත appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG