දුර බැහැර ප්‍රදේශවල සිට මහරගම අපේක්ෂා රෝහලේ සායන සදහා පැමිණෙන ජනතාවට ප්‍රවාහන පහසුකම් වහාම ලබා දෙන්නැයි අමාත්‍ය මහින්ද අමරවිර මහතා ලංකා ගමනා ගමන මණ්ඩලයට උපදෙස් ලබා දුන්නා.
දුර බැහැර ප්‍රදේශවල සිටි පැමිණෙන රෝගින් ප්‍රවාහන පහසුකම් සලසා ගැනිමේ අපහසුවෙන් සිටින බවටයි පැමිණිලි ලැබී තිබෙන්නේ. ඔවුන්ට අපේක්ෂා රෝහලට පැමිණීමට සහ ආපසු නිවෙස් වෙත යාම සදහා ප්‍රවාහන පහසුකම් සැලසීමට කඩිනම් හා විධිමත් වැඩපිළිවෙලක් සකසන ලෙසයි අමාත්‍යවරයා දැනම් දුන්නේ.
මාස දෙකක පමණ කාලයක සිට එම පිරිස සායන සදහා පැමිණීමේ අපහසුතාවෙන් සිටින බවට ද තොරතරු වාර්තා වුණා. එබැවින් ඔවුන් වෙනුවෙන් දිවයිනේ සෑම පළාතකටම ලංගම බස් රථ යොදවන ලෙසයි අමාත්‍ය මහින්ද අමරවිර මහතා වැඩිදුරටත් උපදෙස් දි තිබෙන්නේ.
The post අපේක්ෂා රෝහලට පැමිණෙන රෝගීන්ට ප්‍රවාහන පහසුකම් ලබා දෙන්නැයි ගමනා ගමන මණ්ඩලයට උපදෙස් appeared first on ITN News.
Post a Comment