යුක්රේන ජාතික ගුවන් යානා ඉංජිනේරුවරුන් හය දෙනෙකු අද (08) දිවයිනට පැමිණියා.
යුක්රේනයට අයත් විශේෂ ගුවන් යානයකින් ඔවුන් කටුනායක ගුවන් තොටුපලට පැමිණි බවයි කාර්ය භාර නිලධාරිවරයා සදහන් කළේ. ඔවුන් පැමිණ ඇත්තේ ශ්රී්ර ලංකා ගුවන් හමුදාව සතු ගුවන් යානා අලුත්වැඩියා කිරිම සඳහා.
ගුවන් හමුදාව සතු ඇන්ටනොව් ඒ එන් 32 වර්ගයේ ගුවන් යානා තුනක ජීවන කාලය අවසන්ව ඇති අතර ඒවා පරික්ෂා කර බලා යුක්රේනයට යළි රැගෙන ගොස් සම්පූර්ණ අලුත්වැඩියාවක් සඳහා නිර්දේශ කිරිම වෙනුවෙන් ගුවන් යානා නිපදවූ ආයතනයේ ඉංජිනේරුවරුන් මෙලෙස පැමිණ තිබෙනවා.
The post යුක්රේන ජාතික ගුවන් යානා ඉංජිනේරුවරුන් හය දෙනෙකු දිවයිනට appeared first on ITN News.
Post a Comment