Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,717ක් දක්වා ඉහළට  

Add comments

මෙරටින් හමු වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 1717 දක්වා ඉහළ ගියා. අද දිනයේ නව රෝගීන් 27 දෙනෙකු හදුනා ගැනුණා.

ඊයේ දිනයේ හදුනාගත් රෝගීන් සංඛ්‍යාව 40 ක්. එම 40 දෙනාගෙන් 32 දෙනෙකුම විදේශ රටවල සිට පැමිණි අයයි. 27 දෙනෙකු කටාර් රාජ්‍යයෙන් පැමිණි පුද්ගලයන්. රුසියාවෙන් හා ඩුබායි රාජ්‍යයෙන්  එක් අයෙකු බැගින් සහ කුවේට් රාජ්‍යයෙන් 03 දෙනෙකු   මෙලෙස වාර්තා වුණා. සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 836 ක්. තවත් රෝගීන් 870 දෙනෙකු රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබනවා. පුද්ගලයන් 66 දෙනෙකු වෛද්‍ය අධීක්‍ෂණය යටතේ පසුවන අතර මෙරටින් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 11 ක්.

අද දිනයේදී රෝගීන් 13 දෙනෙකු සුවය ලබා තිබෙනවා. ඊයේ දිනයේ නාවික සාමාජිකයන් 9 දෙනෙකු සුවය ලබා පිටව ගියා. ඒ සමග නාවික හමුදාවේ කොරෝනා ආසාදිත වී සුවය ලැබූ පිරිස 424 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි නාවික හමුදා මූලස්ථානය පවසන්නේ.

නිරෝධායන මධ්‍යස්ථාන 43 ක 5243 දෙනෙකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටිනයවා. නිරෝධායන කටයුතු අවසන් කර පිටව ගිය සංඛ්‍යාව 11169 ක්.

මේ අතර මුඛ ආවරණයක් පැළදී පමණින් කොරෝනාවෙන් ආරක්ෂාවීමට නොහැකි බව නියෝජ්‍ය අධ්‍යක්ෂ මහජන සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය පවසනවා

 

 

The post මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,717ක් දක්වා ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG