මේ වසරේ දෙවන චන්ද්‍රග‍්‍රහණය හෙට (05) දිනයේදී දැකගත හැකි බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ තාරකා විද්‍යා සහ අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා ප‍්‍රකාශ කළා. එය ඡායා චන්ද්‍රග‍්‍රහණයක්.
මෙරට වේලාවෙන් රාත‍්‍රී 11.15 ට චන්ද්‍රයා පෘතුවියේ උප ඡායාවට ඇතුලුවීමත් සමග චන්ද්‍රග‍්‍රහණය ආරම්භ වනවා. ලබන සෙනසුරාදා අලුයම 2.34 ට චන්ද්‍රග‍්‍රහණය අවසන් වන බවයි චන්දන ජයරත්න මහතා ප‍්‍රකාශ කළේ.
උච්චතම ග‍්‍රහණ අවස්ථාව සිදුවන්නේ අනිද්දා (06) මධ්‍යම රාත‍්‍රිය පසුවී විනාඩි 54 කදී.
The post මෙම වසරේ දෙවන චන්ද්‍රග‍්‍රහණය හෙට appeared first on ITN News.
Post a Comment