සෞභාග්‍යා ගෙවත්ත සංකල්පයට අනුව සිවිල් ආරක්ෂක දෙපාර්ත්මේන්තුව ගෙවතු වගා 18,000 ක් ආරම්භ කර තිබෙනවා.
සෞභාග්‍යා ගෙවත්ත වැඩසටහන යටතේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ නිවෙස් ආශ්‍රිතව ෆැෂන් , කිලෝ පේර , කෝමාරිකා , ඉඟුරු , තිබ්බටු ආදී බෝග රැසක් අක්කර 600 ක භූමි ප්‍රදේශයක වගාකර තිබෙනවා. සාර්ථක ගෙවතු වගා සහ කෘෂි ව්‍යාපෘතීන් පවත්වාගෙන යන හොදම වගාකරුවන් දස දෙනෙකුට විදෙස් සංචාර ලබාදෙන බව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා ප්‍රකාශකරනවා. ගෙවතු වගා නිරීක්ෂණය කිරීමේ චාරිකාවකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ.
The post සිවිල් ආරක්ෂක දෙපාර්ත්මේන්තුව ගෙවතු වගා 18,000ක් අරඹයි appeared first on ITN News.
Post a Comment