Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 99 ඉක්මවයි  

Add comments

කොවිඩ් නයින්ටීන් හෙවත් නව්‍ය කොරෝනා වෛරසය මේ වන විට ලොව පුරා 9,910,135 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා.

සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 5,360,855ක්. වෛරස ආසාදනය හේතුවෙන් මරණ 497,001ක් වාර්තා වනවා.

රටවල් හා ස්වයං පාලන ප්‍රදේශ 213 ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.

වෛරස ව්‍යාප්තිය බ්‍රසීල ආර්ථිකයට සිදුකර ඇති හානිය දරාගත නොහැකි මට්ටමක පවතින බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා. ඒ හේතුවෙන් මේ වනවිට එරට දුගී ජනතාව වෛරසය පිළිබද නොතකමින් රැකියාවල නිරතවන බවයි වාර්තා වන්නේ.

රට වසාදැමීම හේතුවෙන් ජනතාව අන්ත දුගීභාවයට පත්ව ඇති අතර කුසගින්නෙන් හා නිවාස නොමැතිකමින් බහුතරයක් පීඩා විදිනවා. ගතවූ පැය 24 ට වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ බ්‍රසීලයෙන්.

The post ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 99 ඉක්මවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG