Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බැංකු සේවකයින්ගේ ගැටලු රැසකට අගමැතිගෙන් විසඳුම්  

Add comments

පසුගිය යහපාලන රජය සමයේ රාජ්‍ය බැංකුවල මූල්‍ය අක‍්‍රමිකතා සොයා බැලීමට කොමිසමක් පත්කරන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළා.

ඒ ලංකා බැංකු සේවක සංගමය සමඟ පැවැති සාකච්ඡාවකට එක්වෙමින්. රජයේ බැංකුවල සේවකයින්ගේ විශ‍්‍රාම වැටුප් ගැටලුව සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

පසුගිය වර්ෂයට අදාළ මෙතෙක් ලබානොදුන් පාරිතෝෂිකය පවතින තත්වය ද සැලකිල්ලට ගනිමින් රාජ්‍ය බැංකු සේවකයින්ට ලබාදීමට කි‍්‍රයාමාර්ග ගන්නා ලෙස අග‍්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යාංශ ලේකම් එස් ආර් ආටිගල මහතාට උපදෙස් ලබාදුන්නා.

බැංකුවල පවතින ඉහළ කළමනාකාරීත්වයේ පරිපාලන ගැටලු සම්බන්ධයෙන් ද මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අවධානය යොමුවූ බවයි අග‍්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කළේ.

The post බැංකු සේවකයින්ගේ ගැටලු රැසකට අගමැතිගෙන් විසඳුම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG