පනවා ඇති ඇඳිරිනීතියද නොතකා දහස් ගණන් කළු ජාතිකයින් ඇමෙරිකානු පොලීසියට එරෙහි විරෝධතා සඳහා සහභාගී වී සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
පොලිස් අත්අඩංගුවේදී මිය ගිය ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් කළු ජාතිකයාට සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලමින් අඛණ්ඩව 08 වන දිනයටත් ඇමෙරිකාව පුරා විරෝධතා ක්‍රියාත්මකයි. ඔහුගේ මරණය ඝාතනයක් බවටයි ඊයේ දිනයෙදී හෙළි වූයේ.
මේ අතර එම විරෝධතා ව්‍යාපාරවලට සහයෝගය දක්වමින් බ්‍රිතාන්‍ය ,නවසීලන්තය , ප්‍රංශය ඇතුළු රටවල් රැසක සාමකාමී විරෝධතා පැවැත්වීමට කළු ජාතිකයින් පියවර ගෙන තිබෙනවා. පොලිස් මෙහෙයුමක් අතර තුර 2016 වසරේදී ප්‍රංශයේ ඇඩම් ටෝර් නම් කළු ජාතිකයා මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා ඊයේ දිනයේදී ප්‍රංශයේද විරෝධතා පැවැත් වුණා.
The post ඇඳිරිනීතියද නොතකා දහස් ගණන් කළු ජාතිකයින් ඇමෙරිකානු පොලීසියට එරෙහි විරෝධතාවල appeared first on ITN News.
Post a Comment